මෝටර් රථයක් 15ක් පමණ ප්‍රාපතයට - තිදෙනෙකුට තුවාලයි

Report

නල්ලතන්නියේ සිට නුවරඑලිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රාපතයෙන් වූ මාර්ගයකට පෙරලී තිබේ.

 නෝර්වුඩ් පොලිසිය සදහන් කරන්නේ මෝටර් රථයේ ගමන්ගත් කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ බවයි.

  මෙම අනතුර ඊයේ පස්වරු 4:30ට පමණ සිදු වී ඇත්තේ හැටන් මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයේ නෝර්වුඩ් රෝක්වුඩ් ප්‍රදේශයේදි සිදුව තිබේ.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු නුවරඑලිය දක්වා මෝටර් රථය ධාවනය කරවන අවස්ථාවේ රියදුරුට නින්දයෑමත් සමග මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන රෝක්වුඩ් වතුයායට පිවිසෙන මාර්ගයට පෙරැළි මෙම අනතුර සිදු ව තිබේ.

බටුවත්ත චාමරගේ බිරිඳගේ නිවසක් තහනම් කරයි

බටුවත්ත චාමරගේ බිරිඳගේ නිවසක් තහනම් කරයි

තවද මෙම අනතුර සිදු වන අවස්ථාවේ මෝටර් රථය තුළ සිව් දෙනෙකු ගමන් කර ඇතත් ඉන් තිදෙනෙකුට පමණක් තුවාල වී තිබෙන බවත් අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන නෝර්වුඩ් පෙලිසිය සදහන් කරයි .     

ගිනි අවි හා පතොරම් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ගිනි අවි හා පතොරම් සමග සැකකරුවෙකු අත්අඩංගුවට