බටුවත්ත චාමරගේ බිරිඳගේ නිවසක් තහනම් කරයි
ගනේමුල්ල සංජීවගේ සමීපතමයෙකු මේ වනවිට විදේශයක සැගව සිටින මනෝජ් සුරංග නොහොත් බටුවත්ත චාමරගේ බිරිඳගේ නිවසක් දින 7ක කාලයක් සඳහා තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් කටයුතු කර තිබේ.
මෙම නිවස ජා ඇළ වැලිගම්පිටියේ පිහිටි අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 400 කි .
මෙම පියවර ගෙන ඇත්තේ බටුවත්ත චාමර නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයාගත් මුදලින් මෙම නිවස මිලදීගෙන ඇති බවට සාධාරණව විශ්වාස කිරීමට තරම් කරුණු අනාවරණ වීම හේතුවෙනි
මෙම නිවස වෙනත් පිරිසක් මීට මාස දෙකකට පමණ පෙර කුලී පදනම මත ගෙන වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන ගොස් ඇත එහි සිටි වැඩිහියන් 9දෙනෙකු හා සාත්තු සේවිකාවන් 4දෙනෙකු ඉන් පිටව ගොස් තිබේ.
බටුවත්ත චාමර යන අයගේ බිරිඳ වන චතුරිකා වීරසූරිය මීට පෙර මෙම නිවසේ පදිංචිව සිට ඇත. ඒ වගේම අවස්ථා 3කදි මෙම නිවස ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම් ද සිදුව තිබුණි .
ඒ වගේම අවසන්වරට පසුගිය 7 වැනිදා ද මෙම නිවසට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගිය බවට තොරතුරු වාර්තා විය .
නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය ප්‍රකාශ කළේ මෙම දේපළ සම්බන්ධයෙන් මහාධිකරණය වෙත කරුණු වාර්තා කර තහනම් කිරීමේ නියෝගය දීර්ඝ කිරීමට කටයුතු කරන බවයි