ජනපති කාර්යාලයත් ඉෆ්තාර් සමරයි
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.
ජනාධිපති කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය එක්ව මෙම ඉෆ්තාර් උත්සවය සංවිධානය කර තිබුණි .
ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන ප්‍රසන්න චන්දිත්, රසල් අපොන්සු, ජනාධිපති සහකාර ලේකම් සහ ජනාධිපති කාර්යාලයීය සුබසාධක සංගමයේ ලේකම් සමිත් තලකිරියාව යන මහත්වරු, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු, අංශ ප්‍රධානිහු,ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉස්ලාම් භක්තික නිලධාරීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී තිබුණි
එම්. එෆ්. ඒ. නුෆයිල් මව්ලවිතුමා විසින් රාමසාන් මාසයේ වැදගත්කම පිළිබඳ මෙහි විශේෂ දේශනය සිදු කර ඇත ඒ. එන්. උබයිදුල්ලා විසින් පැවැත්වූ විශේෂ යාඥා මෙහෙයෙන් පසුව පස්වරු 6.23ට උපවාසය අත්හැරීමේ කටයුතු ආරම්භ විය.
ඉන් අනතුරුව විශේෂ භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි. මේ අතර ජනාධිපති ලේකම්වරයා ඉෆ්තාර් උත්සවය සඳහා එක්ව සිටි ඉස්ලාම් බැතිමතුන් සමග සුහද කතාබහකද නිරත වී තිබේ.
මෙහිදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රකාශ කළේ ජනාධිපති ලේකම් කාර්යාලය මෙරට රජ්‍ය අංශයේ ප්‍රධාන ස්ථානයක් බවත්, ජනාධිපති කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලය වෙනුවෙන් සමස්ත මුස්ලිම් ජනතාවගේ ඉෆ්තාර් උත්සවයට සුබපැතුම් එක් කරන බවයි.
ඒ වගේම බහුජාතීන් ජීවත් වන රටක් ලෙස එකිනෙකාගේ සංස්කෘතීන් අගය කරමින්, එයට මුසුවෙමින් කටයුතු කරන බවත්, ශ්‍රී ලාංකීය ජනතාවගේ ජාතික සංහිඳියාවපෙන්නුම් කරන සුවිශේෂී උත්සවයක් ලෙස රාමසාන් උත්සවය හැඳින්විය හැකි බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.