ගිනි අවි හා පතොරම් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Report

 කඩුවෙල පොලිස් වසමේ වැලිවිට ප්‍රදේශයේදී ගිනිඅවි සහ පතොරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 පොලිසිය සදහන් කරන්නේ ඊයේ (13) උදෑසන කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි .

එහිදී බලපත්‍ර නොමැතිව තබාගෙන සිටි බෝර 12 ගිනි අවියක්, රයිෆල් අවියක්, බෝර 12 පතොරොම් 15 ක්, රයිෆල් පතොරොම් 02 ක්, මැගසින් 01 ක් සහ මිලිමීටර් 7.62 ජීව පතොරොම් 50 ක් ද සොයාගෙන තිබේ අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.