''පව්කාර මිනිසුන් යුද්ධවලට පැටලිලා බොහෝ පිරිසකගේ කුසගිනි නිවිය හැකි මහා ධනස් කන්දයක් විනාශකාරී යුද්ධවලට වැය කරනවා '' කාදිනල් හිමි කියයි
පව්කාර මිනිසුන් යුද්ධවලට පැටලිලා බොහෝ පිරිසකගේ කුසගිනි නිවිය හැකි මහා ධනස් කන්දයක් විනාශකාරී යුද්ධවලට වැය කරනවා යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශ කර තිබේ .
කාදිනල්තුමා ඊයේ (13 දා) රාගම තේවත්තේ ශාන්ත බැසිලිකා සිද්ධස්ථානයේ පැවති කොළඹ අගරදගුරු පදවි වාර්ෂික ළමා දින දිව්‍ය පූජා දේශනය සිදුකරමින් මේ බව සදහන් කර තිබේ.
කාදිනල්තුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
''ආගමික ධර්මයන් හරියට අදහන්නේ නැති මිනිස්සු ජීවිත තුට්ටු දෙකකටවත් ගණන් නොගෙන යුද්ධයක පැටලී සිටිනවා.මේ ලෝකයේ ජීවත් වන බොහෝ මිනිසුන්ගේ කුසගිනි නිවිය හැකි මහා ධනස් කන්දයක් මේ යුද්ධයට වැය කරනවා. ''