ඇවිලෙන මැදපෙරදිග - ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට මිසයිල ප්‍රහාරයක්
ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයේ තිබූ හෙලිකොප්ටර් අංගනයට (helipad) මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව විශාලතම අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථානයක් වන මෙම තානාපති කාර්යාල සංකීර්ණය, ඉරානයේ සන්නද්ධ කණ්ඩායම් විසින් දියත් කරන රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාරවලට නිරන්තරයෙන් ලක්වෙමින් පවතියි.
ඉරාක රජයේ ආයතන සහ විදේශ තානාපති කාර්යාල රැසක් පිහිටා ඇති දැඩි ආරක්ෂිත දිස්ත්‍රික්කයක් ලෙස මෙම ප්‍රදේශය සැලකෙයි.
මිසයිල ප්‍රහාරය එල්ලවීමත් සමග අමෙරිකානු තානාපති කාර්යාල සංකීර්ණය ඇතුළත සිට දුමාරයක් නැඟී තිබේ.
කෙසේ නමුත් මෙම ප්‍රහාරය හෝ හානිය සම්බන්ධයෙන් බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.