පාලිත තෙවරප්රුමගේ බිරිඳට මහා සංඝරත්නයෙන් විශේෂ ඉල්ලීමක්..

Kalutara Palitha Thewarapperuma Sri Lanka Politician
By Aruna Apr 27, 2024 07:06 AM GMT
Aruna

Aruna

Report

හිටපු නියෝජ්‍ය ඇමැති පාලි­ත තෙව­ර­ප්පෙ­රුම මහතාගේ සත්දින දාන­මය පින්ක­මේදී තෙව­ර­ප්පෙ­රුම මහතාගේ බිරි­ය ශෙරීන් තෙව­ර­ප්පෙ­රුම මහ­ත්මි­යට සුදුසු පක්ෂ­ය­කින් දේශ­පා­ල­නට එන්නයි මහා සංඝ­ර­ත්නය ඉල්ලී­මක් කර තිබෙනවා.

පාලිත තෙව­ර­ප්පෙ­රුම හිටපු අමා­ත්‍ය­ව­ර­යාගේ සත් දින දාන­මය පින්කම ශතා­ධික මහා සංඝ­ර­ත්නය සහ දස­සිල් මාතා­වන් උපා­සක උපා­සි­කා­වන් වෙනු­වෙන් මතු­ගම යට­දො­ල­වත්ත ඒ මහ­තාගේ නිවෙ­සේදී පැවති දාන­මය පින්කම අව­ස්ථා­වේ­දී, මේ ඉල්ලීම කරනු ලැබ තිබේ.

එහිදී අනු­ශා­ස­නාව පැවැත්වූ පයා­ගල සම­න­ක්කන්ද ගෝම­ර­කන්ද පුරාණ රාජ­මහා විහා­රා­ධි­පති ශ්‍යාමෝ­පාලි වංශික මහා­නි­කායේ මල්වතු පාර්ශ්වයේ කළු­තර දිස්ත්‍රි­ක්කයේ පස්යො­දුන් රට උප ප්‍රධාන සංඝ­නා­යක වත්තල අම­ර­වංශ නාහි­මි­යන් වැඩි දුර­ටත් පැව­සුවේ, එදා බණ්ඩා­ර­නා­යක මහ­තාගේ ඝාත­න­යෙන් පසු පංච බල­වේග ප්‍රති­ප­ත්තිය ඉදි­රි­යට රැගෙන යෑමට බණ්ඩා­ර­නා­යක මැති­නිය දේශ­පා­ල­න­යට ඒමට හේන්පි­ට­ගෙ­දර ඤාණ­සීහ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ­ර­ත්නය මූලි­ක­ත්ව­යෙන් ආරා­ධනා කළා මෙන් අදත් මේ සිදු කරන්නේ මහා සංඝ­ර­ත්නය මූලික කර­ග­නි­මින් එවැ­නිම ඉල්ලී­මක් බව උන් වහන්සේ පැව­සූහ.

මේ අව­ස්ථා­වට ශ්‍යාමෝ­පාලි වංශික මහා­නි­කායේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කැකු­ළ­න්දල පාර්ශ්වයේ පස් දුන් කෝර­ළයේ ප්‍රධාන සංඝ­නා­යක අග­ල­වත්ත පති­රාජ පිරි­වෙන්හි හිටපු නියෝජ්‍ය පරි­වේ­ණා­ධි­පති ආචාර්ය යට­දො­ළ­වත්තේ චන්ද්‍ර­සිරි නාහිමි සහ පයා­ගල සම­න­ක්කන්ද ගෝම­ර­කන්ද පුරාණ රාජ­මහා විහා­රා­ධි­පති ශ්‍යාමෝ­පාලි වංශික මහා­නි­කායේ මල්වතු පාර්ශ්වයේ කළු­තර දිස්ත්‍රි­ක්කයේ පස්යො­දු­න්රට උප ප්‍රධාන සංඝ­නා­යක වත්තල අම­ර­වංශ නාහිමි ප්‍රමුඛ මහා සංඝ­ර­ත්නය සහ දස­සිල් මෑණි­ව­රුන් උපා­සික උපා­සිකා යන සිව්ව­රක් පිරිස සහ පාලිත තෙව­ර­ප්පෙ­රුම මහ­තාගේ පවුලේ ඥාතීන් සහ හිතෛ­ෂීන් ඇතුළු ඒ මහ­තාට ළැදි පිරිසක් සහ­භාගි වී සිටියහ.