තමා විසින්ම සැකසූ තම සුසාන භූමියේම අවසන් ගමන් යන - ජනතා හිත් තුළ රජ කළ දඩබ්බරයා. - (VIDEO)

Report

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහු විසින්ම සකසා ගත් සොහොන් භූමියේදී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.


විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ ඔහුගේ දේහය මේ වන විට මතුගම - යටදොළවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙන අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් ඔහුගේ නිවසට පැමිණෙමින් සිටිනවා.

මේ අතර ජනපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් ද එක්ව සිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ඇතුලු පිරිසක් මෙලෙස පැමිණ සිටියා.