විගණනයෙන් එළියට ආ තිත්ත ඇත්ත - ගෝඨාගේ කෝටි 3ක පොහොරවලට 'අබ සරණයි'
පරිසර හිතකාමී දේශීය පොහොර මිලදී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2021/2022 වර්ෂවලදී මිලදී ගත් රුපියල් තුන්කෝටි විසිඅට ලක්ෂ තිස්පන්දහසක් වටිනා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 2,487ක් මෙතෙක් කිසිදු කටයුත්තකට යොදා නොගෙන ප්‍රාදේශීය ගබඩාවල තවමත් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වන බව වාර්තා වෙනවා.
එම වාර්තාවට අනුව, මෙම කාබනික පොහොර තොගය සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් මිලදී ගෙන ඇත.
අම්පාර, හොරොව්පතාන, මැදවච්චිය, නොච්චියාගම, බදුල්ල, මඩකළපුව, දෙහිගහලන්ද, හිඟුරක්ගොඩ සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල ගබඩාවල මෙම පොහොර තොගය තැන්පත් කර ඇති බවත්, ඒවා භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැති බවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.