අද සිට පාස්පෝට් ගන්න යන්න අලුත් නීතියක්.
විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීම සම්බන්ධයෙන් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (12) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, දිනයක් සහ වේලාවක් වෙන්කරනොගත් කිසිවෙක් විදේශ ගමන්බලපත්‍රය ලබාගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙසයි.
නමුත් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් සහ හදිසියේ විදේශ ගමන්බලපත්‍රය අවශ්‍ය යැයි ලේඛණ ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්ට පමණක් එම දෙපාර්තමේනතුවට පැමිණිය හැකි බවත් ඔහු සඳහන් කරනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ, අපහසුතාවකින් තොරව විදේශ ගමන් බලපත්‍රය ගැනීම සඳහා ක්‍රමවේදයක් ඉදිරි සති දෙක තුන තුළ සකස් කරන බවත්, හදිසි අවශ්‍යතාවක් සම්බන්ධයෙන් ලේඛණ පරික්‍ෂා කිරීමෙන් පසුව ඒ පිළිබඳව සෑහීමකට පත්වූවහොත් පමණක් එම පුද්ගලයා පරිශ්‍රයට ඇතුළත් කරගන්නා බවත්ය.
ජනරාල්වරයා මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ මේ දිනවල බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය තුළ ඇති වී තිබෙන තදබදය පිළිබඳව අදහස් දක්වමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |