හාස්කමක් ද?. දෙනෝදාහක් මැද, ශ්‍රී පාද මළුවෙන් පහලට පැන්න තරුණයා ගැන මේ දැන් ලැබුණ ආරංචිය.(VIDEO)

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By krishani Apr 24, 2024 04:50 PM GMT
krishani

krishani

Report

සුරියවැව ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග පසුගිය (19) දින උදැසන ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මර්ගයෙන් පහලට බසිමින් සිටිය දී තරුණයෙක් එකවරම දිවගොස් ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදන් වූ පුවතක් වාර්තා විය.

හාස්කමක් ද?. දෙනෝදාහක් මැද, ශ්‍රී පාද මළුවෙන් පහලට පැන්න තරුණයා ගැන මේ දැන් ලැබුණ ආරංචිය.(VIDEO) | The Young Man Who Jumped Down From Sri Padaya

ඒ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණක් ය.

ඔහු මේ වනවිට හමුවී තිබෙනවා.

අද (24) උදෑසන එම තරුණයා ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතු යායේ රාජමලේ ප්‍රදේශයේ සිටිනු දැක වතු කම්කරුවන් පිරිසක් විසින් නල්ලතන්නිය පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් භාර දී ඇත.

නිමේෂයකින්, දෙනෝදාහක් මැද ශ්‍රී පාදයෙන් තරුණයෙක් පහළට පැනලා - ඔහුත් එක්ක ආ කාන්තාවන් දෙදෙනා කී අමුතුම දෙය..(CCTV VIDEO)

නිමේෂයකින්, දෙනෝදාහක් මැද ශ්‍රී පාදයෙන් තරුණයෙක් පහළට පැනලා - ඔහුත් එක්ක ආ කාන්තාවන් දෙදෙනා කී අමුතුම දෙය..(CCTV VIDEO)


එහිදී පොලිස් නිලධාරීන් විසින් එම තරුණයාව ප්‍රතිකාර සඳහා මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

කෙසේ වෙතත්, තරුණයා සෙවීම සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දින 3ක් තිස්සේ විශේෂ මෙහෙයුමක් සිදුකර පසුව එම මෙහෙයුම අත්හැර දැමී ය.

වීඩියෝ දර්ශන - Ada Derana