චීන රැඳවියන් පිරිසක් පිටුවහල් කරයි
මෙරට රැදී සිටිමින් පරිගණක ඇතුළු විවිධ අපරාධවලට වරදකරුවන් වූ චීන ජාතික රැඳවියන් 85 දෙනෙකු අද අලුයම එරට වෙත පිටුවහල් කර තිබෙනවා.
මොවුන් වැළිසර පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රැදවුම් මධ්‍යස්ථානය වෙත මාරු කර එවා ඇත්තේ මෙරට අධිකරණය මගින් වැරදිකරුවන් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර සිටි අතර පසුව පිටුවහල් කිරීමේ තීරණය මතයි.
බස් රථ 05 කින් මෙම චීන ජාතිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද අලුයම චීනයේ ග්වැන්ෂෝ බලා මොවුන් පිටුවහල් කළ බව වාර්තා වනවා.
මෙම පිරිස සමග මෙරට පොලිස් නිලධාරීන් 85 දෙනෙකු ඇතුළු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලන්කන් ගුවන් සේවා ආරක්ෂක නිලධාරීන් 172 මෙම ගුවන් යානයේ ගමන් කර තිබෙනවා.