හිරේ දාන්න ඕන කියපු කටින්ම මහින්දට අනුර සුපිරි චරිත සහතිකයක් දීලා [VIDEO]
ආර්ථික අර්බුදයෙන් පසු ඇති වූ පරිවර්තනීය යුගයේදී මෙරට ආර්ථිකය සුමට ලෙස හසුරවමින් රටට ආර්ථික ජයග්‍රහණ ගෙන ඒමට මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ලබා දුන් සුවිශේෂී දායකත්වය සහ කැපවීම අගය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම වන්නේ අයහපත් දේ වළක්වා ගැනීමට පමණක් නොව, යහපත් දේ නිර්මාණය කිරීමට ද දායක වීම බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ විශ්‍රාම ගැනීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ අද (18) පැවති උත්සවයකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.
එහිදී, ආර්ථික අර්බුදය හමුවේ නොසැලෙන ධෛර්යයකින් යුතුව එයට මුහුණ දුන් ආකාරය ඇතුළු මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ චරිත ලක්ෂණ රැසක් ජනාධිපතිවරයා විසින් වර්ණනා කරන ලදී.
කෙසේ වුවත්, විපක්ෂයේ සිටියදී එවකට මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධන මහතා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා "හිරේ යාමට සූදානම් වන ලෙස" දන්වා සිටියේය. එයට හේතුව වූයේ එවකට පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීමයි. එ
ම අවස්ථාවේදී ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් වූ චතුරංග අබේසිංහ මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් හඳුන්වා දුන්නේ බටහිර මූල්‍ය බලවතුන්ගේ මෙරට ඒජන්තයන් ලෙසිනි.
