ගිනිගත්හේන - මහනුවර මාර්ගයෙන් වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
හැටන්-මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් බස් රථ, පෞද්ගලික බස් රථ, සහ පෞද්ගලික වාහන ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරික්ෂක එම්.එස්.එල්. චන්දන බණ්ඩාර මහතා කටයුතු කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතාගේ ඉල්ලීමකට අනුව, නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන පරීක්ෂණ අංශයේ නිලධාරීන් සමඟ එක්ව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු රථවාහන අංශයේ නිලධාරීන්ගේ සහාය ඇතිව, ගිනිගත්හේන-නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ බගතොලුව ප්‍රදේශයේදී වාහන 115ක් පරික්ෂාවට ලක් කර තිබේ.
එමෙන්ම මේ පිළිබඳව කෙන්යානු විදේශ අමාත්‍යංශය ද නිවේදනයක් නිකුත් කර ඇති අතර, ජාත්‍යන්තර නීතිය අනුව, සෑම විටකම විදේශ දූත මණ්ඩල ආරක්ෂා කිරීමට අදාළ පාර්ශව කටයුතු කළ යුතු බව කෙන්යාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන ලේකම් කොරිර් සිං'ඕයි පවසා ඇති බවයි තානාපතිවරයා සඳහන් කරන්නේ.
එමෙන්ම තානාපති නිමල් බණ්ඩාර මෙසේද සඳහන් කර තිබෙනවා.
''මේ අතර ඊශ්‍රායලයේ ඇති විශාලතම රෝහලක් වන බියර්ෂෙබා හි සොරොකා රෝහලට ද ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල විය. මේ හේතුවෙන් රෝහල් ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති අතර බොහෝ දරුවන් හා රෝගීන් ද තුවාල ලබා තිබේ. මෙහි ගාසා තීරයේ හා පලස්තීන රෝගීන් ද ප්‍රතිකාර ලබන අතර ගසා යුද්ධය ආරම්භ වනවිට එහි ප්‍රතිකාර ගත් රෝගීන් මාස 20ක් පමණ රෝහල ආසන්නයේ නවාතැන් ගෙන සිටි. එහිදී එක් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලැබූ අතර අයගේ තත්ත්වය බරපතල නොවේ.
පවතින යුධමය තත්ත්වය හේතුවෙන් හා නිවාඩු කාලය ගත කිරීමට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය හතර දෙනෙකු තානාපති කාර්යාලයට පැමිණ අතර ඉන් එක් අයෙකු නිවාඩු ගතකර නැවත පැමිණීමට බලාපොරොත්තු වේ. ඉතිරි තිදෙනා නැවත පැමිණීමේ බලාපොරොත්තුවක් නොමැත. ඔවුනට ඊශ්‍රායලයේ එලාට් නගරය හරහා ඊජිප්තුවේ ටබා දේශසීමාව හරහා කයිරෝ ගුවන්තොටුපලට යාමට අවශ්‍ය ලියකියවිලි ලබාදුන් අතර මේ පිළිබඳව ඊජිප්තුවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වන ලදී.
එම තොරතුරු ඊජිප්තුවේ අදාළ නිලධාරීන්ට යොමු කිරීමට කයිරෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් ඔවුන් සම්බන්ධීකරණය කරනු ඇත. ඊශ්‍රායලයේ පවතින යුධමය තත්ත්වය හා ඉදිරියට ඇතිවිය හැකි පර්යන් පිළිබඳව පමණ ඉක්මවා ව්‍යාජ තොරතුරු ඇතුළත් හඬපට ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙකු විසින් තම හිතවතුන්ට යවා තිබේ. ඊශ්‍රායලයේ ආරක්ෂක අංශයන්, PIBA ආයතනය මෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශය එල්ලවන ප්‍රහාරයන හා ඒවායින් ආරක්ෂා වන ආකාරය නිරන්තරයෙන් යාවත්කාලින කරන අතර මෙවැනි සත්‍ය නොවන පුවත් ප්‍රචාරය කිරීමෙන් හා විශ්වාස කිරීමෙන් වලකින ලෙස දන්වමි.
අද (20) ඊශ්‍රායලයේ නිවාඩු දිනයක් වුව ද ශ්‍රී ලංකා තානාපති කර්යාලය විවෘතව පවතී. ශ්‍රී ලංකාවට යාමට අපේක්ෂා කරන පිරිස හෝ රාජකාරිමය කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන්ට තානාපති කායාලයට පැමිණිය හැක. පවතින තත්ත්වය යටතේ උපකාර අවශ්‍ය ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලය විසින් ලබාදී ඇති දුරකථන අංක වලට ඇමතීමෙන් උපදෙස් ලබාගත හැක.''