පොලිසියෙන් එනවා යැයි කියා නිවසින් පලා ගිය තරුණයාගේ සිරුර කොහිල වලකින් හමුවූ භයානක සිදුවීම..

Sri Lanka Police Sri Lanka Death
By Sithumi Oct 20, 2023 05:36 AM GMT
Sithumi

Sithumi

Report

" පොලීසියෙන් එනවා "යැයි පවසමින් පෙරේදා 18 රාත්‍රී නිවසින් පලා ගිය 29 හැවිරිදි විවාහක තරුණයාගේ මළ සිරුර නිවෙසට කිලෝමීටරයක් ඈතින් අගුල හේන ප්‍රදේශයේ කොහිල වලක තිබියදී සොයුරා විසින් ඊයේ ඊයේ රාත්‍රී සොයාගෙන ගෙන තිබෙනවා.

තම සොයුරාගේ, තම පුතුගේ මරණය සැක බවයි නිවැසියන් පවසන්නේ.

බණ්ඩාරගම ගල්තුඩේ මාරගස් හන්දිය මුදන්නවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි නිරෝෂන් කුමාර 29 විවාහක තරුණයෙක් මෙලෙස සැක කටයුතු ලෙස මියගොස් තිබුණා.

මියගිය තරුණයා ට වරෙන්තුවක් තිබී ඇති අතර ඔවුන් නිරතුරුවම මව සමග අම්මේ පොලිසියෙන් එයිද දන්නෑ මාව ගෙනියන්න යයි පැවසීයැයි මව ලබාදෙන ප්‍රකාශයේ සඳහන් වනවා.

මියගිය තරුණයා මිතුරෙකු සමග ඔහුගේ නිවසේ සිට මව සාදා දුන් සමපෝෂ ආහාරයට ගනිමින් සිටියදී බල්ලන් බුරන හඬ ඇසීමත් සමගම පලා ගොස් තිබුණා.

මල්ලි ඊයේ 18 රාත්‍රී නිවසින් පලා ගිය බවත් යළි නිවසට නොආ බව මව විසින් කළුතර සිටින වැඩිමහල් පුතුට දැනුම් දීමෙන් පසු ඔහු පැමිණ ගම්වාසින් සමඟ අතුරුදන් තරුණයා සොයා බැලීමේදී නිවසට කිලෝමීටරයක් පමණ ඈතින් අගුල හේන ප්‍රදේශයේ කොහිල වලක මුනින් අතට පාවෙමින් තිබියදී මළ සිරුර සොයාගෙන තිබෙනවා

මළ සිරුර වැටී තිබූ වල අවට කැලෑව තැලී පොඩි තිබෙන අයුරු දර්ශනය වන බවත් වාර්තා වනවා.  

ReeCha