ලෝකයම ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වෙයි. - (VIDEO)
Climate Change
World
By Wayomi
ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට ලෝකයේම එකඟත්වය පල කර ඇති බව වාර්තා වෙනවා.
ගෝලීය කාලගුණ විපර්යාස සම්බන්ධ COP28 සමුළුව ඊයේ (13) ඩුබායි හිදී අවසන් වූ අතර එහිදී ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් රටවල් 200කට වැඩි සංඛ්‍යාවක් පොදු එකඟතාවක් පළකර තිබෙනවා.
ඒ වෙනුවට විකල්ප බලශක්ති ක්‍රමවේද භාවිතය සඳහා යොමුවීමටත් මෙහිදී එකඟතාව පළවී ඇති බව සඳහන්.
නමුත් බොහෝ පාර්ශ්ව ඉල්ලා සිටි පරිදි ෆොසිල ඉන්ධන භාවිතය තුරන් කිරීම සඳහා එකඟතාවක් පළ නොකළ අතර මෙවර සමුළුවේ දී වැඩිම අවධානයක් යොමුවූයේ ගෝලීය උණුසුම ඉහළයාම කෙරෙහි උපරිම දායකත්වයක් දක්වන ෆොසිල ඉන්ධන දහනය තුරන් කිරීම සම්බන්ධයෙනි.
ඒ, අනුව 2050 වසර වන විට ගෝලීය හරිතාගාර වායු විමෝචනය ශුන්‍ය කිරීම මෙහි අරමුණ වී ඇත.
