ලියුමකුත් ලියා මිතුරියන් දෙදෙනා අවසන් ගමන් යයි.

By Hashini Oct 17, 2023 09:13 AM GMT
Report

 කිලිනොච්චිය, පෙරියපරන්තන් ප්‍රදේශයේ නිවසක තිබී ගැහැණු ළමයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබෙනවා.

එම මළ සිරුරු ඊයේ (16) සොයා ගෙන තිබෙනවා.

දැරියන් දෙදෙනා ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන සිටියදී මෙලෙස සොයාගෙන ඇත්තේ.

අවුරුදු 17ක් වූ සුරේෂ් කුමාර් තනිකේ හා ලෝගේෂ්වරන් තමිලිනි යන දැරියන් දෙදෙනෙකි. ‍

අදාළ මරණයන් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිළිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කර තිබෙනවා.

පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙය වන්නේ මෙය සියදිවි නසා ගැනීමක් ද ඝාතනයක් ද යන්න පිළබඳ සොයා බැලීම සඳහායි.

දැරියන් මියගොස් සිටි නිවසේ තිබූ ඔවුන් විසින් ලියන ලද බවට සැකකෙරෙන ලිපියක් ද සොයාගෙන තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ,

"අපගේ මරණයන්ට කිසිවෙකුත් වගකිව යුතු නෑ. අපි ජීවත්වෙන්න කැමති නැති නිසා අපි මේ තීරණය ගත්තේ. මේක අපේ තීරණයක්. කවුරුවත් අපි ගැන දුක්වෙන්න එපා.අපි පවුලේ අයට හා යාළුවන්ට ගොඩාක් ආදරෙයි. සමාවෙන්න. සුබ ගමන්..." යනුවෙනි.

කිළිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙය වනු ලබනවා.