අවදානම මැද්දේ දුම්රිය කොළඹට ගේන්න සූදානම්.

By Wayomi Jul 13, 2022 09:49 AM GMT
Wayomi

Wayomi

Report

වෘත්තිය අවදානම දරමින් කොළඹ බලා ගමන් අරඹා ඇති දුම්රිය කොළඹට ගෙන ඒමට දුම්රිය ස්ථානාධිපතිවරු සූදානම් බව දුම්රිය ස්ථානාදිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසනවා.

කෙසේ වෙතත් ඒ සඳහා මගීන්ගේ පූර්ණ සහයෝගය ලැබිය යුතු බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය ස්ථාන කීපයකට පහර දී ඇති අතර එවැනි දේවලින් වැලකී දුම්රිය ධාවනයට සහයොගය දක්වන ලෙස කසුන් චාමර මහතා ඉල්ලීමක් කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW