පොලීසිය වෙඩිතැබූ ටිපර් රථයට සිදු වූ දේ. - (PHOTOS)

Sri Lanka Police Shooting Accident
By Wayomi Feb 07, 2024 09:03 AM GMT
Wayomi

Wayomi

Report

අද (07) උදෑසන යාපනය, පුත්තූර් ප්‍රදේශයේදී නීතිවිරෝධි ලෙස වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයකට පොලීසිය වෙඩිතබා තිබෙනවා.

පලෙයි ප්‍රදේශයේ සිට නීතිවිරෝධිව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් නවත්වන ලෙසට පොලිස් නිලධාරීන් නියෝග කොට ඇති අතර, සැකකරුවන් පොලිස් අණ නොතකා ධාවනය කොට ඇති බවත්, එහිදී පොලිසිය වෙඩිතැබීමෙන් පසු ටිපර් රථය පෙරළි ඇති බවත් සඳහන්.

ඒ, අනුව මෙහිදී නීතිවිරෝධිව වැලි ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් සහ ටිපර් රථය යාපනය පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.


GalleryGalleryGalleryGallery
ReeCha