රේගුවට හොරෙන් මුතුහෙට්ටිගම ගෙනා සුපිරි ජීප් රථයට ගාල්ලේදී සිදු වූ දේ.

Nishantha Muthuhettigamage
By Wayomi Oct 31, 2022 10:14 AM GMT
Wayomi

Wayomi

Report

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍ය පදවිය දරන අවධියේදී තීරුබදු රහිතව රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් ආනයනය කර තිබෙනවා.

එම එය පදවාගෙන පැමිණි පොලිස් කොස්තාපල්වරයෙකු ගාල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම අවස්ථාවේදී ජීප් රථය පදවමින් සිටි හිටපු අමාත්‍යවරයාගේ නිවසේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන ගාල්ල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්.

පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, නිශාන්ත මුතුහෙට්ටිගම මීට වසර කිහිපයකට පෙර වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පදවිය දරන අවධියේදී මෙම සුඛෝපභෝගී ජීප් රථය තීරුබදු රහිතව ගෙන්වා ඇති බවයි. 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW