සුව කරන්න බැරි කොලොස්ටරෝල් නසන සුපිරි බෙහෙත

Healthy Food Recipes Sri lanka Food Recipes Sinhala news
By Mithu Apr 14, 2025 05:07 AM GMT
Mithu

Mithu

Report

 අපි උයන පිහන දේට ගොරකා භාවිතයට ගත්තත් එහි තිබෙන ඖෂධීය ගුණය ගැන දන්නේ නැහැ. අද අප එහි තිබෙන විද්‍යාත්මක පසුබිමත් ඔසුමය ගුණයත් ඔබට පහදා දීමට කල්පනා කළේ, එය ඔබට වැදගත් වන නිසාය.

ගොරකා – Garcinia Cambogia ගොරකා ආහාර රස ගැන්වීමට ගන්නා කුළුබඩු ශාකයකි. ගොරකා වර්ග කිහිපයක් ඇත. එළ ගොරකා, මල් ගොරකා, කහ ගොරකා සහ රතු ගොරකා යනුවෙනි. ගොරකා රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පහත හෙළයි. එමඟින් හෘදයාබාධ ඇතිවීම වළක්වයි.

මහත් වූ අයට බර අඩුකර ගැනීමට ගොරකා යෙදූ ආහාර ගුණදායකය. වීදුරුමස් දියවීම නවතා දත් ශක්තිමත් කිරීමට ගොරකා උපකාරී වේ. ගොරකාවල Hydroxy citric acid (HCA) නම් රසායනික සංඝටක අඩංගුය.

මෙම (HCA) ශරීරය තුළ ඇති Adenosine triposphate citrate lyase නම් එන්සයිමය නිෂේධනය කරයි. මෙමඟින් මේද අම්ල නිෂ්පාදනය අඩු කෙරේ. මෙම මේද අම්ල නිෂ්පාදනය අඩු කිරීමෙන් ශරීරයට අහිතකර LDLකොලෙස්ටරෝල් අඩු කරන අතර ශරීරයට හිතකර HDL වැඩි කරයි. එසේම මෙම HCA මොළයේ Serotonine ක්‍රියාකාරීත්ව පාලනය කරමින් කෑම රුචිය අඩු කරයි. මේ තුළින්ද ශරීරයේ බර අඩු වේ.

ගොරකාවල Xanthone, Xanthan derivatives, Polyisoprenly benzophens, Flavonoids, Leptin like chemicals වැනි තවත් රසායනික සංයෝගද අඩංගු වේ. ගොරකාවල අඩංගු කැල්සියම් ප්‍රමාණයද අධිකය. එය මිලි ග්‍රෑම් 445කි. ගොරකාවල අඩංගු පොටෑසියම් ප්‍රමාණය ද අධිකය.

එය මිලිග්‍රෑම් 720කි. ගොරකාවල පහත සඳහන් ගුණ දැනට තහවුරු කර ඇත.

Antioxidant Property – ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත.

Anticancer Property – පිළිකා වළක්වයි.

ගොරකාවල අඩංගු Xanthone, Xanthan derivatives වැනි සංයෝග නිසා පිළිකා නාශක ගුණ ඇති වී තිබේ.

Antimicrobial, Antibacterial Property – ප්‍රති ජීවක ගුණ ඇත.

Cardioprotective Property – හෘදය වස්තුව ආරක්‍ෂා කරයි.

Antiinflammatory Property – ප්‍රතිදාහ ගුණ ඇත.

Immunomodulatory Property – ප්‍රතිශක්තිය ඉහළ නංවයි.

Anticholesterol Property – කොලෙස්ටරෝල් පාලනය කරයි.

Antidiabitic Property – දියවැඩියාව පාලනය කරයි.

ගොරකාවල ඇති Leptin Like Action ආහාර රුචිය (ප්‍රියතාව) අඩුවේ. මේ නිසා ආහාර ගැනීම අඩුවීමෙන් බර අඩුවීම සිදුවේ. එසේම දියවැඩියාව පාලනය වේ. එසේම ගොරකා හොඳ කැල්සියම් ප්‍රභවයකි. අස්ථි වර්ධනයට මෙය උපකාරි වේ.

ReeCha