කොළඹට එන සුපිරි අමුත්තා - නරඹන්නන් සහ පාසල් සිසුන්ටත් විශේෂ අවස්ථාවක්.
Colombo
Sri Lanka
Government Of India
India
Sri Lanka Navy
By krishani
අද (19) සිට 22 දක්වා ඉන්දීය නාවික හමුදාවේ ‘වාගීර්’ නම් ඉන්දීය නාවික සබ්මැරීනය කොළඹ මෙහෙයුම් සංචාරයක නිරත වේ.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, ‘ගෝලීය සාගර වළල්ල’ යන තේමාව යටතේ 9වන ජාත්‍යන්තර යෝගා දිනය (IDY) සැමරීම සඳහා මෙම සංචාරය සිදු කරන බවයි.
මෙහි අරමුණ වන්නේ 'අසල්වැසිකම ප්‍රථමයෙන්' ප්‍රතිපත්තිය සහ 'කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය' යන ඉන්දියාවේ දැක්මට අනුකූලව අසල්වැසි නාවික හමුදා දෙක අතර සහෝදරත්වය සහ එකමුතුව වර්ධනය කිරිම වේ.
කෙසේවෙතත් සබ්මැරීනයේ සංචාරය අතරතුර, නරඹන්නන් සහ පාසල් සිසුන් සඳහා යාත්‍රාව විවෘත වේ.