බිත්තර රෝල්ස් එකකින් හමු වූ අමුතු බිත්තරය.

Police spokesman Sri Lanka Sri lanka Food Recipes Egg
By Hashini Sep 19, 2023 04:52 AM GMT
Hashini

Hashini

Report

දිවයිනේ ප්‍රසිද්ධ කෙටි ආහාර නිශ්පාදන අලෙවි සැළකින් මිළදීගත් බිත්තර රෝල්ස් එකක ප්ලාස්ටික් හෝ රබර්වලට සමාන බිත්තරයක් තිබූ බවට පාරිභෝගිකයකු පැමිණිල්ලක් කළ බව බෙන්තර සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසනවා.

පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ, අලුත්ගම , කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කළ පැමිණිල්ලකට අනුවයි.

පැමිණිලිකරු තවත් අයකු සමඟ බෙන්තර පිහිටි අවන්හලට ගොස් බිත්තර රෝල්ස් එකක්, බනිස් ගෙඩියක්, මාළු චයිනිස් රෝල්ස් එකක්,එළවළු රොටියක්, වතුර බෝතලයක් කොකාකෝලා බීම බෝතලයක් සහ නෙස්කැෆේ එකක් රුපියල් 1230 ක් ගෙවා මිළදී ගෙන තිබෙනවා.

ඔහු පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ බිත්තර රෝල්ස් එකේ තිබූ බිත්තරයකට සමාන සුදු බෝලය හැපීමට නොහැකි වූ බවයි.  

ReeCha