ජීප් රිය කොල්ල කන්න හැදූ STF ලොක්කා ඇතුළු 7 කට්ටුව නූලට මෙල්ල කරපු හැටි.

Sri Lanka Police STF Sri Lanka
By Wayomi Nov 15, 2023 12:47 PM GMT
Wayomi

Wayomi

Report

නිට්ටඹුව ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කිරීමේ ස්ථානයකින් ජීප් රථයක් මිලදී ගන්නා මුවාවෙන් පැමිණ එය පරීක්ෂාකර බැලීමට ව්‍යාපාරිකයා ද සමඟ රැගෙන ගොස් එය පැහැර ගැනීමට තැත් කළ 7දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙක්.

ව්‍යාපාරික ස්ථානයට පැමිණි පුද්ගලයකු මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයක් මිලදී ගැනීමට පැමිණි බව කියා එය පරීක්ෂා කර බැලීමට රැගෙන යෑමට ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අවස්ථාවේ ව්‍යාපාරිකයා ද රථයට ගොඩ වී එම පුද්ගලයා සමඟ ගොස් තිබුණා.

කෙසේ වෙතත් පස්යාල ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී මෝටර් රථ දෙකකින් පැමිණි පුද්ගලයින් කණ්ඩායමක් ජීප් රථය නතර කර එය පැහැරගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේ ව්‍යාපාරිකයා ජිප් රථයේ සිටි පුද්ගලයාගේ තර්ජන නොතකා හරිමින් ජිප් රථය පදවාගෙන ව්‍යාපාරික ස්ථානයට පැමිණ සෙසු සේවකයින්ගේ ද සහාය ඇතිව ජිප් රථයේ සිටි පුද්ගලයා අල්ලා මෙල්ල කර මේ බව නිට්ටඹුව මූලස්ථාන පොලිසියට දැනුම් දී ඇත.

ReeCha