විශේෂඥ වෛද්‍යවරිය මහේෂි විජේරත්නට ඇප

Report

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය, ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර, ඇය ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ජනක බණ්ඩාරගේ අධිචෝදනා අහෝසි කළාට විරුද්ධව නීතිපතිගෙන් අභියාචනයක්

ජනක බණ්ඩාරගේ අධිචෝදනා අහෝසි කළාට විරුද්ධව නීතිපතිගෙන් අභියාචනයක්

ඒ අනුව, සැකකාරිය රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියම කෙරිණි.

මීට අමතරව, සැකකාරියට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළුවීම තහනම් කරන ලද අතර, විදේශ ගමන් බලපත්‍රය භාවිතයට තහනමක් ද පැනවීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

හැමෝම හඬවමින් භාතිය හස්තියා යන්නම ගිහින්

හැමෝම හඬවමින් භාතිය හස්තියා යන්නම ගිහින්

මෙම තීන්දුවත් සමඟ, වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සිදුකරනු ඇතැයි අපේක්ෂිතය.

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි