සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන හා මූල්‍ය අක්‍රමිකතා විමර්ශනයට ස්වාධීන කමිටුවක්

Report

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවූ බවට චෝදනා එල්ල වී ඇති පරිපාලන හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් සබරගමුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, සාමාජිකයින් සිව්දෙනෙකුගෙන් යුත් මෙම විමර්ශන කමිටුව පත් කර ඇත.

හැමෝම හඬවමින් භාතිය හස්තියා යන්නම ගිහින්

හැමෝම හඬවමින් භාතිය හස්තියා යන්නම ගිහින්

මෙම කමිටුවේ සභාපති ධුරය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතා විසින් හොබවන අතර, රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ඩබ්.එම්.සී. බණ්ඩාර මහතා යන මහත්වරුන් කමිටු සාමාජිකයින් ලෙසත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහකාර අභ්‍යන්තර විගණක හසන්ති පතිරණ මහත්මිය කැඳවුම්කරු ලෙසත් පත් කර ඇත.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මෙම කමිටුව විසින් ඉහත චෝදනා සම්බන්ධයෙන් සවිස්තරාත්මක විමර්ශනයක් සිදු කර, ඒ පිළිබඳ වාර්තාවක් දින 60ක් ඇතුළත අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම පත්වීමත් සමඟ, සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන හා මූල්‍ය කටයුතුවල යහපත්භාවය හා විනිවිදභාවය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට බලධාරීන් අපේක්ෂා කරන බවද වාර්තා වේ.

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි