ජනක බණ්ඩාරගේ අධිචෝදනා අහෝසි කළාට විරුද්ධව නීතිපතිගෙන් අභියාචනයක්
හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට විරුද්ධව නීතිපතිවරයා මහනුවර මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දුවක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන විශේෂ අභියාචනා පෙත්සමක් සලකා බැලීමට එළඹෙන සැප්තැම්බර් මස 03 වන දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව මෙම පෙත්සම ඊයේ (14) දින ජනක ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවා ඇති බව සඳහන්.
එහි වගඋත්තරකාර හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ තම සේවාදායකයා රෝගී තත්ත්වයෙන් සිටින බවත් ඔහුට ඇවිදීම පවා අපහසු බවත් ය.
එබැවින් අඳාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීමට වෙනත් දිනයක් ලබා දෙන මෙන් නීතිපතිවරයා සඳහා පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අධිකරණයෙන් ඉල්ලා සිටි බව සඳහන්.
එනිසා පෙත්සමේ කරුණු තහවුරු කිරීමට ලබන සැප්තැම්බර් මස 03 වන දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
1999 වර්ෂයේ මාතලේ, දඹුල්ගමුව ප්‍රදේශයේදී වයස අවුරුදු18ක තරුණයෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට විරුද්ධව මහනුවර මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනුකර ඇත.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්
එහෙත් අඳාළ අධිචෝදනා ගොනුකර තිබෙන ආකාරය නීති විරෝධී බව කියමින් හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව එම රිට් පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය නීතිපතිවරයා විසින් විත්තිකාර හිටපු අමාත්‍යවරයාට විරුද්ධව ගොනුකළ අධිචෝදනා පත්‍ර නීතියට පටහැනී බවට තීන්දු කරමින් 2020 වසරේ එය බලරහිත කරමින් රිට් ආඥාවක් ද නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අභියාචනාධිකරණයේ එම නියෝගය නීතියට පටහැනි බවත් ඒ අනුව එම අභියාචනාධිකරණ නියෝගය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ තම අභියාචනා පෙත්සමෙන් ඉල්ලා ඇති බව සඳහන්.
