වතුර නිසා මරු කටට ගිය ජීවිත
ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාත් ප්‍රදේශයේ ජල බෙදාහැරීමේ ස්ථානයක් අසල ඊයේ (13) දින සිදු වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ළමුන් හය දෙනෙක් සහ තවත් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව වෛද්‍යවරුන් පවසා ඇත්තේ ජලය සෙවීමට රැස්වූ ජනතාව ඊශ්‍රායල ප්‍රහාරවලට ලක්ව තිබෙන බවයි.
එසේම අඳාළ වීඩියෝ රූප සංස්කරණවල පෙන්වා දෙන්නේ බාල්දි සහ ජල බඳුන් අසල තුවාල ලැබූ දරුවන් සහ මහජනයින් සිටි බවත් දැනටමත් අතිශය පීඩාදායක තත්වයකට ඔවුන් මුහුණ දී ඇති බවත් ය.
කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදාව කියා ඇත්තේ මෙය "ඉස්ලාමීය ජිහාඩ්" සාමාජිකයෙක් ඉලක්ක කරගත් ගුවන් ප්‍රහාරයක් බවත් එය "වැරදී පිහිටීමක්" හේතුවෙන් සිවිල් පුද්ගලයන්ට හානි වී ඇති බවත් ය.
එසේම ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කර ඇත්තේ ඉකුත් පැය 24 තුළ මළ සිරුරු 139 ක් රෝහල් වෙත රැගෙනවිත් ඇති බවයි.
එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙය ජූලි 2 වන දා පටන් වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව බව පවසයි.
මේ අතර සෙනසුරාදා සහ ඉරිදා ගාසා තීරය පුරා සිදු වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දහසකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.
එමෙන්ම දෝහා හි පැවැත්වෙන සටන් විරාම සාකච්ඡාවලට නව යෝජනාවක් පිළිගැනීම වෙනුවෙන් ආකල්ප මැදිහත්වීම් සිදු වී ඇතත් හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කරැති බවත් වාර්තා වේ.
ඒ අනුව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තම රජය නවතම සටන් විරාම යෝජනාවකට එකඟ වුවත් හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍යවලට පවසා සිටියි.
තවද ගාසා තීරය අනාගතයේදී ඊශ්‍රායලයට කිසිදු ආරක්ෂක තර්ජනයක් නොවන ලෙස හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
