අවුරුදු 5ට පසු නිල නිවසෙන් ඉවත්වන්න වෙයි - පොලිසියට නව නීතියක්

Sri Lanka Police Law and Order Latest Headlines Sinhala news gagana news
By Shehan Jul 15, 2025 03:38 AM GMT
Shehan

Shehan

Report

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන්නේ, පොලිස් නිලධාරියකුට නිල නිවාසයක රැඳී සිටිය හැකි කාලය වසර පහකට සීමා කර ඇති බවත්, ඊට වැඩි කාලයක් සඳහා නිල නිවාස ලබා නොදෙන බවත්ය.

ඔහු සඳහන් කළේ, කොළඹ, මහනුවර වැනි නගරාශ්‍රිත ප්‍රදේශවල ඇතැම් පොලිස් නිලධාරීන් නිල නිවාස ලබාගෙන, තම දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර, වසර ගණනාවක් එම නිවාසවල රැඳී සිටින බවත්, මෙය අනෙකුත් පොලිස් නිලධාරීන්ට අසාධාරණයක් බවත්ය.

හඳුනෝ මීට වඩා හොඳයි වළක් කපන් වැළලුණා නම්, සුනිල්ට චරිත්ගෙන් මඩක්

හඳුනෝ මීට වඩා හොඳයි වළක් කපන් වැළලුණා නම්, සුනිල්ට චරිත්ගෙන් මඩක්

මහනුවර දිස්ත්‍රික් පොලිස් නිලධාරීන්ගේ දරුවන්ට අධ්‍යාපන උපකරණ බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. සෑම පොලිස් නිලධාරියකුටම තම දරුවන් ජනප්‍රිය පාසලකට ඇතුළත් කර ගැනීමට අවස්ථාවක් ලැබිය යුතු බව ඔහු අවධාරණය කළේය.

එහෙත්, ඇතැම් නිලධාරීන් නිල නිවාස ලබාගෙන, දරුවන් පාසල්වලට ඇතුළත් කර, වසර 30-37ක් එක දිගට එම නිවාසවල රැඳී සිටින බවත්, මෙය තවත් නිලධාරීන්ට අවස්ථාවක් ලබාදීමට බාධාවක් වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

සමහරුන් නිල නිවාස සම්බන්ධයෙන් අයිතිවාසිකම් ඉල්ලා සිටින බවත්, මේ හේතුවෙන් නිල නිවාසවල රැඳී සිටිය හැකි කාලය වසර පහකට සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කළ බවත් ඔහු කීවේය.

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

මෙම තීරණය ගනු ලැබුවේ අනෙකුත් නිලධාරීන්ට සාධාරණ අවස්ථාවක් ලබාදීමට බවත්, තමන් අවස්ථාවක් ලබාගත් ආකාරයටම තවත් අයකුටත් එවැනි අවස්ථාවක් ලබාදිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

සෑම පොලිස් නිලධාරියකුගේම දරුවන්ට හොඳ පාසලක අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන බවත්, ඒ සඳහා රජයේ ප්‍රතිපත්ති, විශේෂයෙන් ත්‍රිවිධ හමුදාවලට අදාළ ප්‍රතිපත්ති විශ්ලේෂණය කරන බවත් ඔහු පැවසීය.

එසේම, පොලිස් නිලධාරීන්ට තම රාජකාරි තෘප්තිමත්ව හා කාර්යක්ෂමව ඉටු කළ හැකි වාතාවරණයක් නිර්මාණය කරන බවත්, ඔවුන්ගේ ප්‍රධාන ගැටලු විසඳීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පිහිටුවා ඇති බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

පුතා ගැන බොරු දැම්මට ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකට හොඳ පදෙන් බැන්න පියුමි .සාක්‍ෂි එළිපිට

පුතා ගැන බොරු දැම්මට ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකට හොඳ පදෙන් බැන්න පියුමි .සාක්‍ෂි එළිපිට

මෙම අවස්ථාවට මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජානකී සෙනෙවිරත්න, පොලිස් අධිකාරි දයාල් ඉලංගකෝන්, සහ පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපති නීතිඥ නීතා සමරතුංග යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

රුසියාවට බලපෑම් කරන ට්‍රම්ප් - සටන් විරාමයකට නොගියොත් මේකයි වෙන්නේ

රුසියාවට බලපෑම් කරන ට්‍රම්ප් - සටන් විරාමයකට නොගියොත් මේකයි වෙන්නේ

ReeCha