අල්-ඛයිඩාවට මුදල් සැපයූ ශ්‍රී ලංකික ව්‍යාපාරිකයාට අමෙරිකාවෙන් ලැබුණු දඬුවම මෙන්න.

Sri Lanka United States of America
By Wayomi Nov 11, 2022 07:38 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෙකුට අමෙරිකා එක්සත් ජනපදය සම්බාධක පනවා තිබෙනවා.

මෙලෙස සම්බාධක පනවා ඇත්තේ, ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරිස් නිසාර් (Mohamad Irshad Mohamad Haris Nizar) නමැති පුද්ගලයෙකුටයි.

ඔහු අල්-ඛයිඩා මූල්‍ය පහසුකම් සපයන්නෙකුගේ සහ බාහිර මෙහෙයුම් සැලසුම්කරුවෙකුගේ ව්‍යාපාරික සහකරුවෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුවමෙලෙස සම්බාධක පැන වීමට තීරණය කර තිබෙනවා.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඔහුට අමතරව තුර්කි ජාතිකයෙකු වන මුසාබ් ටර්ක්මන්ට ද එම චෝදනාව ම පදනම් කර ගනිමින් සම්බාධක පැනවීමට එරට රජය පියවර ගෙන ඇති බවයි.

මුසාබ් ටර්ක්මන් සමග අල්-ඛයිඩා මූල්‍ය පහසුකම් සපයන්නෙකු වන අහමඩ් ලුක්මාන් තලිබ්ට සහය වීමට ව්‍යාපාරික කටයුතු සිදු කළ බවට මොහොමඩ් නිසාර්ට චෝදනා එල්ල වී තිබෙනවා.

එක්සත් ජනපද භාණ්ඩාගාරයේ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) මීට පෙර තලිබ් නම් කර තිබුණේ, අල්-ඛයිඩාහි අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා පුද්ගලයන් සහ මහා පරිමාණ මුදල් ජාත්‍යන්තරව හුවමාරු කිරීම සඳහා පහසුකම් සැලසූ අයෙකු ලෙසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, නිසාර් හෙවත් මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරිස් නිසාර් යනු, තලිබ්ගේ ශ්‍රී ලංකාව පදනම් කරගත් ව්‍යාපාරික හවුල්කරුවෙකු බවයි.

2018 වසරේ මැද භාගය වන විට, තලිබ් සහ නිසාර් එක ම ව්‍යාපාරයක හවුල් නියෝජිතයන් ලෙස කටයුතු කර ඇති අතර නිසාර් අවම වශයෙන් 2018 වසරේ අග භාගයේ සිට ශ්‍රී ලංකාවේ තලිබ්ගේ ව්‍යාපාරික හවුල්කරුවා වී ඇති බවත් සඳහන්.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ සිදු කළ ඔවුන්ගේ ව්‍යාපාරික ගනුදෙනු මගින් වසරකට ඩොලර් 200,000කට ආසන්න ලාභයක් උපයා ඇති බවයි.

එමෙන්ම, තලිබ්ගේ ආදායමෙන් බහුතරයක් උපයා ගෙන ඇත්තේ එම ගනුදෙනුවල තුනෙන් එකකින් බව ද ඔවුන් අවධාරණය කරනවා.

නිසාර් තාලිබ්ගේ ඥාතියෙකු බව ද වාර්තා වෙනවා.

ඔවුන් සිය නිවේදනය වැඩිදුරටත් සඳහන් කරන්නේ, නිසාර් විසින් තලිබ් සඳහා ද්‍රව්‍යමය වශයෙන් ආධාර කිරීම, අනුග්‍රහය දැක්වීම හෝ මූල්‍යමය, ද්‍රව්‍යමය හෝ තාක්‍ෂණික සහය ලබා දීම සඳහා හෝ භාණ්ඩ හෝ සේවා සැපයීම සිදුකර ඇති බවයි.

එමෙන්ම තලිබ් බ්‍රසීලය, කොලොම්බියාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, ටර්කියේ සහ ගල්ෆ් ඇතුළු ලොව පුරා ව්‍යාපාරික කටයුතු සිදු කර ඇති අතර මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරිස් නිසාර් බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW