ගණ පූර්ණය නොමැති වීමෙන් පාර්ලිමේන්තුවේ කටයුතු හෙට ට කල්දමයි.(UPDATE)

Report

Update 

ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (11) උදෑසන 09.30 දක්වා කල්තැබෙන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. 

............................................................

මුලු රටටම බලපාන තීරණාත්මක රැස්වීමක් ඇරඹෙයි..අද වෙන්න යන දේ මෙන්න(LIVE)

වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීම, විවාද කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද (10) කැඳවා තිබේ.

මේ වන විට පාර්ලිමේන්තු සභාවාරය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවී ඇත.

ඒ අනුව, පාර්ලිමේන්තු සභා වාරය පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙයි.

සජීවී විකාශනය පහතින් නරඹන්න,


එකතු කළ අගය මත බදු සංශෝධණ පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මෙහිදී පැවැත්වෙන බවය පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය මස 20 වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද ( විශේෂ විවාදයක් පැවැත්වීමට තීරණය කෙරුණා.