දළදා වැඳපු හැමෝටම මෙන්න විශේෂ නිවේදනයක්

Report

අප්‍රේල් මස 18 වනදා සිට අද (27) දිනය ද්කවා “සිරි දළඳා වන්දනාව" සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ගමන්මළු රඳවා තබාගෙන වන්දනාවෙන් පසු නැවත භාරදීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකළ තිබේ.

වෛද්‍ය ෂාෆිගේ දියණිය වෛද්‍ය පීඨයට

වෛද්‍ය ෂාෆිගේ දියණිය වෛද්‍ය පීඨයට

නමුත් ඇතැම් සැදැහැවතුන් ගමන්මලු යම් ප්‍රමාණයක් නැවත භාර නොගෙන ඇති බවත් එම ගමන්මලු භාරදුන් ස්ථානවලම සුරක්ෂිතව පවතින බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත. එවැනි භාර නොගත් ගමන්මලු මහනුවර වැවරවුමේ ජෝයි බෝට්ටු සේවාව ක්‍රියාමක වන ස්ථානය ඉදිරිපිටදී හෙට (28) සහ අනිද්දා (29) දෙදින තුළ නැවත ලබාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එය සිදුවන්නේ සිවිල් ආරක්ෂක බලකායේ මහනුවර බලකායේ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන් ඩබ්.එම්.එන්. වික්‍රමසිංහ මහතාගේ අධික්ෂණය යටතේ බව සඳහන් වේ. ඒ අනුව එම ස්ථානයට පැමිණ අනන්‍යතාවය ඉදිරිපත් කර තමන්ගේ ගමන් බෑගය ලබාගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ඉන්දියා - පකිස්තානු යුද්ධයක් අතළඟ

ඉන්දියා - පකිස්තානු යුද්ධයක් අතළඟ

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පහත නම් සඳහන් නිලධාරීන්ගේ දුරකථන අංකයන් වෙත ඇමතීමෙන් ලබාගත හැකිය. පොලිස් කොස්තාපල් දිසානායක මයා - 071-580 3000 ජ්‍යෙෂ්ඨ නියාමක අබේරත්න මයා - 077-531 1797 කාන්තා උප නියාමක චාන්දනී මධුරසිංහ මිය - 071-096 5890