චූන් පාන් ගෙඩියෙන් මතුවූ ගොලුබෙල්ලා..

Sri Lanka Gossips the-snail-that-emerged--from-the-chun-bread-nut
By Aruna Nov 11, 2021 04:51 AM GMT
Aruna

Aruna

Report

චූන් පාන් රියකින් මිලදී ගත් පාන් ගෙඩියක ගොළුබෙල්ලකු සිටින බව එම පාන් ගෙඩිය මිලට ගත් ඉංගිරිය ජයලත්ගම පදිංචි ආර්.ඒ. මිත්‍රසේන පවසනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මිත්‍රසේන මහතා මෙසේද පැවැසීය.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු අංශ දැනුවත් කිරීමට මම කටයුතු කළා.

ගොළුබෙල්ලා දැකීමෙන් අනතුරුව අදාළ චූන් පාන් රථයේ රියැදුරුට සහ එම ආහාර නිෂ්පාදනය පිළිබඳ බලයලත් බේකරි හිමියාට දුරකථනයෙන් කතා කළා.

අපට කිරීමට දෙයක් නොමැති බවට” ඔවුන් දෙදෙනාම පවසා සිටියා.

මිනිස් ආහාරය සඳහා ආහාර බෙදාහරින වෙළෙඳුන් මීට වඩා සැලකිලිමත්ව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි මම කියන්නේ.

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් මේ පිළිබඳ විමසූ විට ඔවුන් පවසා සිටියේ “මෙම ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමට ඔවුන් කටයුතු කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha