එකම දිනයේ වෙළෙඳසැල් 3ක් කොල්ලකෑ සොරෙක් (CCTV VIDEO)

By Sewvandhi Oct 28, 2021 09:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

එකම දිනකදී හැටන් නගරයේ වෙළෙඳසැල් 3ක් බිඳ මුදල් සහ භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙකුව ව්‍යාපාරිකයින් විසින් අල්ලා පොලීසියට භාරදී තිබේ. අද (28) දින අලුයම් කාලයේදී සැකකරු විසින් මෙම සොරකම් සිදුකර ඇත.

සැකකරු කොළඹ සපුගස්කන්ද ප්‍රදේශයේ සිට ඊයේ (27) පැමිණ සොරකම් සිදුකර ඇති බවද අනාවරණය වී තිබේ.

ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැළක්, නිමිඇදුම් වෙළෙඳසැළක් සහ ජංගම දුරකථන වෙළෙඳසැළක් සැකකරු විසින් එසේ බිඳ සොරකම් සිදුකර තිබේ.

වෙනත් වෙළඳසැළක ආරක්ෂාව සඳහා යොදවා සිටි සේවකයෙකු සිද්ධිය දැක අදාළ වෙළෙඳසැල්වල හිමිකරුවන්ට දැනුම්දී තිබුණි. ඒ අනුව සැකකරු අල්ලා ගැනීමට හැකිවී තිබෙන අතර සොරකම් සිදුකරන අයුරු වෙළෙඳසැල්වල සවිකර තිබූ CCTV කැමරාවල සටහන්වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now