දන්නැද්ද ඉතින් ඩාම් වෙනවා.. ඩුම් වෙනවා ..පාතාලයේ වැරදුනු කුරුමානම..

Report

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පදවිය, බෝගහවැව ප්‍රදේශයේදී පෙරේදා (5) රාත්‍රියේ නිවසක සිටි 73 හැවිරිදි කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීම වැරදීමකින් සිදු වූවක් බව පොලීසිය පවසයි.

ඝාතනයට පැමිණි සැකකරුවන් දෙදෙනා පුල්මුඩේ කඳවුරට අනියුක්ත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ විමර්ශනවලදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

යථාර්ථයක් වූ මායාව...හැරී පෝටර්ගේ නොපෙනෙන සළුවද මේ..(VIDEO)

යථාර්ථයක් වූ මායාව...හැරී පෝටර්ගේ නොපෙනෙන සළුවද මේ..(VIDEO)

සැකකරුවන් දෙදෙනා ඩුබායි රාජ්යයේ සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ රැල්ල මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වැලිඔය ප්‍රියන්තගේ ගෝලයන් දෙදෙනෙකු බව සඳහන්ය.

ඔවුන් කිරිඉබ්බන්වැව, වැලිඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇත.

එහිදී මෙම ඝාතනය ඇතුළු මනුෂ්‍ය ඝාතන 3ක් සදහා භාවිතා කළ T56 ගිනි අවිය හා එහි පතුරම් ගැබ සහ උණ්ඩ 08ක්, විදේශීය නිෂ්පාදිත රිවෝල්වරයක් හා එහි උණ්ඩ 04ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 61 සහ හෙරොයින් ග්‍රෑම් 105ක් විශේෂ කාර්ය බලකා නිලධාරින් සිය භාරයට ගෙන තිබේ.

ඔයත් ඔන්ලයින් භාණ්ඩ ගෙන්වනවාද?..එහෙනම් මේ ගැන දැනුවත් වෙන්න..

ඔයත් ඔන්ලයින් භාණ්ඩ ගෙන්වනවාද?..එහෙනම් මේ ගැන දැනුවත් වෙන්න..

ඉහත ඝාතන අතරින් ඒ ඝාතනක් සිදුකර ඇත්තේ ඩුබායිහි සැගව සිටින වැලිඔය ප්‍රියන්ත නැමැත්තාගේ බිරිඳ සමග අනියම් ඇසුරක් පැවැත් වූ තැනැත්තෙකු ඝාතනය කිරීම සඳහා බවද සඳහන්.

කෙසේ වෙතත් අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාට බෝගහවැව ප්‍රදේශයට පැමිණ ඇත්තේ එම නිවසේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ වූ ඝාතනයට ලක් වූ කාන්තාවගේ මිණිබිරියට වෙඩි තැබීමට බව විමර්ශනවලදී හෙළිවී ඇත.

You may like this video