යථාර්ථයක් වූ මායාව...හැරී පෝටර්ගේ නොපෙනෙන සළුවද මේ..(VIDEO)
ලොකු කුඩා කාගේත් සිත් ගත් ලෝක ප්‍රකට Harry Potter කතා මාලාවේ එන හැරී පෝටර් පළඳින අදෘශ්‍යමාන සළුව දැන් යථාර්ථයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම වාර්තා සඳහන් කරන්නේ චීන විද්‍යාඥයන් පිරිසක් අවසානයේ දී පියවි ඇසට නොපෙනෙන පරිදි යා හැකි 'Cloak of Invisibility' (නොපෙනෙන සළුවක්)නිර්මාණය කරන්න සමත්ව ඇති බවයි.
චීනයේ ඉලෙක්ට්‍රොනික විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් සැඟවුණු ද්‍රව්‍යයකින් මෙය නිර්මාණය කර ඇති අතර, එහි අණුක සංයුතිය මිශ්‍ර කර ඇත්තේ, එය පැළඳ සිටින්නා පියවි ඇසට නොපෙනෙන ලෙස බව පැවසෙයි.
පර්යේෂකයන් පවසන්නේ ආලෝකයේ යම් තරංග ආයාමයකට නිරාවරණය වන විට අණු නැවත සකස් වන ස්වයං-අනුවර්තී ෆොටෝක්‍රොමිස්ම් (SAP) නම් ක්‍රියාවලියක් හරහා 'අදෘශ්‍යභාවය' ලබා ගැනීමට ඔවුන් සමත් වූ බවයි.
“මෙම තාක්‍ෂණය ඇඳුම් පැළඳුම් සඳහා යෙදීමෙන් පුද්ගලයෙකු ඵලදායී ලෙස ‘අදෘශ්‍යමාන’ කළ හැකිය,”යනුවෙන් පර්‍යේෂණ කණ්ඩායමේ ප්‍රධාන පර්යේෂක වැන්ග් ඩොංෂෙන්ග් උපුටා දක්වමින් සවුත් චයිනා මෝනිං පෝස්ට් වාර්තා කර තිබේ.
You may like this video