ඔයත් ඔන්ලයින් භාණ්ඩ ගෙන්වනවාද?..එහෙනම් මේ ගැන දැනුවත් වෙන්න..

Sri Lanka Government Of Sri Lanka Online business
By Piyumika Dec 07, 2024 04:15 AM GMT
Piyumika

Piyumika

Report

ඉන්දියාව ඇතුළු විදෙස් රටවල් කිහිපයකින් නීත්‍යනුකූල නොවන පළිබෝධ නාශක විවිධ මාර්ග ඔස්සේ මෙරටට රැගෙන එන බවත්, ඒවා සීමා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් සඳහන් කළ පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ප්‍රධානී කෘෂිකර්ම විද්‍යා ආචාර්ය ජීවනී මාරසිංහ, ඊට අදාළ නීති දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ද පැවසුවාය.

ඔබත් මේ දිස්ත්‍රික්ක වලට අයත්ද ඔබේ ජීවිතය අනතුරේ..වහාම දැනුවත් වන්න..

ඔබත් මේ දිස්ත්‍රික්ක වලට අයත්ද ඔබේ ජීවිතය අනතුරේ..වහාම දැනුවත් වන්න..

‘‘පළිබෝධ නාශක පාලනය කිරීමේ පනත යටතේ යම් පළිබෝධ නාශකයක් මෙරටට ආනයනය කරන තැන සිට එය භාවිත කරන තැන තෙක් නීති සකස් කර තිබෙනවා.

එලෙස ආනයනය කරන කෘෂි රසායනික ද්‍රව්‍යවල සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි ඒවා භාවිත කිරීමට අවසර දෙන්නේ. නමුත් එක් සාම්පලයක් පරීක්ෂා කරන්න රුපියල් 50,000 ක් විතර වියදම් වෙනවා.

ඒ නිසා මෙරටට ගෙන එන සෑම කෘෂි රසායනික ද්‍රව්‍යයක්ම පරීක්ෂා කිරීමට අපහසු වී තිබෙනවා ’’ යැයි ඇය සඳහන් කළාය.

පාසල් යන වයසේ දරුවෝ ඉන්න දෙමව්පියන්ට සතුටු හිතෙන ආරංචියක්..බලන්නකෝ රජය කරන්න යන දේ..

පාසල් යන වයසේ දරුවෝ ඉන්න දෙමව්පියන්ට සතුටු හිතෙන ආරංචියක්..බලන්නකෝ රජය කරන්න යන දේ..

‘‘රටේ ගොවීන් විශාල පිරිසක්, හොර පාරෙන් ලංකාවට එන පළිබෝධ නාශක පාවිච්චි කරනවා. යම් වගාවකට පළිබෝධ නාශක ඉසිය යුතු මාත්‍රාව නිසි පරිදි නොදත් ගොවීන් තමන්ට හිතෙන පරිදි එම ද්‍රව්‍ය ඉසිනවා.

මේ පිළිබඳව ග්‍රාමීය ගොවි ජනතාව දැනුවත් කළ යුතුයි. නිසි ප්‍රමිතියකින් තොරව නීති විරෝධී පළිබෝධ නාශක ද්‍රව්‍යන් මෙරටට ගෙන්වන පුද්ගලයන්ට එරෙහිව පනවන දඩ මුදල් වැඩි කිරීමටත්, ඊට අමතරව සිර දඬුවම් නියම කිරීම දක්වාත් නීති දැඩි කිරීමට ඉදිරියේදී පියවර ගැනීමට නියමිතයි.’’ යනුවෙන් ද ජීවනී මාරසිංහ වැඩිදුරටත් සඳහන් කළාය.

You may like this video

ReeCha