දේවස්ථානවල ආරක්ෂාව තර කරේ. - වැඩි ආරක්ෂාවට විශේෂ අංකයක්.

By Wayomi Dec 24, 2023 08:14 AM GMT
Report

ලොවපුරා කිතුණු බැතිමතුන් ප්‍රීතියෙන් සමරන අසිරිමත් නත්තල අද (24) මැදියම් රැයෙන් උදා වෙනවා.

ඒ, අනුව හල්පේ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 11.45ට මෙරට ප්‍රධාන දේවමෙහෙය පැවැත්වීමට නියමිතයි.

දේවස්ථානවල ආරක්ෂාව තර කරේ. - වැඩි ආරක්ෂාවට විශේෂ අංකයක්. | The Security Of The Churches Will Be Strengthened

මෙම නත්තල් සමයේ දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට පොලිසිය කටයුතු කර ඇති අතර එලෙස ලබා දී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති නම් ඒ සඳහා දැනුම්දීමට පොලිස් මූලස්ථානයෙන් විශේෂ අංකයක් ද හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

ඒ අනුව 011 247 27 57 අංකය හරහා අදාළ තොරතුරු දැනුම්දීමේ හැකියාව ඇත.