භූමිතෙල් බෙදා දීමේ දෙවන අදියර ඇරඹේ.
Sri Lanka
Economy of Sri Lanka
By Hashini
එක් දින ධීවර යාත්‍රා සඳහා නොමිලේ භූමිතෙල් ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර ආරම්භ කර තිබෙනවා.
බේරුවල වරාය පරිශ්‍රයේදී ආරම්භ කරන ලද එම වැඩසටහන චීන සමුහාණ්ඩුවේ ආධාර යටතේ සිදු වනවා.
ඊයේ (12) මෙම දෙවන අදියරේ භූමිතෙල් බෙදා දීම ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ප්‍රධානත්වයෙන් සිදු කල බවයි ධීවර අමාත්‍යංශය සඳහන් කළේ.
දිවයින පුරා ධීවරයින් 28,000කට ආසන්න ප්‍රමාණයකට මෙම ඉන්ධන දීමනාව හිමි වනවා.
භූමිතෙල් ලීටර් හතළිස් දෙලක්ෂ පනස් දහසකට ආසන්න ප්‍රමාණය බෙදා හැරීමට නියමිත අතර, එක් ධීවරයෙකුට භූමිතෙල් ලීටර් 153ක් නොමිලේ ලබා ගත හැකිය.
