එල්ලවූ චෝදනා නිසා කෙහෙළියගේ නම පාසලෙන් දොට්ට ..

Kandy Keheliya Rambukwella Sri Lanka School Incident
By Piyumika Oct 17, 2024 04:36 AM GMT
Piyumika

Piyumika

Report

මහ­නු­වර වත්තේ­ගම අධ්‍යා­පන කලා­පයේ කුණ්ඩ­සාලේ කොට්ඨා­ස­යට අයත් කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ආදර්ශ ප්‍රාථ­මික විද්‍යා­ලයේ නම වහාම ක්‍රියා­ත්මක වන පරිදි වෙනස් කිරී­මට මධ්‍යම පළාත් ආණ්ඩු­කාර මහා­චාර්ය එස්.බී.එස්. අභ­ය­කෝන් මහතා ඊයේ (16) අනු­මැ­තිය ලබා දී ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්..

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්..

මෙම විද්‍යා­ලය කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මික විද්‍යා­ලය නමින් හැඳි­න්වී­මට පළාත් අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුවේ ව්‍යුහ කමි­ටුව මඟින් යෝජ­නා­වක් ඉදි­රි­පත් කර තිබූ අතර ආණ්ඩු­කා­ර­ව­රයා අනු­මැ­තිය දී ඇත්තේ එම යෝජ­නා­ව­ටය.

පසු­ගිය වක­වා­නුවේ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාට විවිධ චෝදනා එල්ල වීමත් සමඟ මෙම පාසලේ නිල නාමය වෙනස් කළ යුතු බවට ලංකා ගුරු සංග­මයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතු­ළුව විවිධ වෘත්තීය සමිති හා මවු­පිය සංවි­ධා­නය යෝජනා ඉදි­රි­පත් කර තිබිණි.

වැඩබලන OICට මාසපතා අමතර පඩියක් දෙන්න ගිය අයෙක්ට සිදුවූ දේ..

වැඩබලන OICට මාසපතා අමතර පඩියක් දෙන්න ගිය අයෙක්ට සිදුවූ දේ..

මධ්‍යම පළාත් අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුව හඳුන්වා දුන් නැනෝදා අධ්‍යා­පන සංව­ර්ධන වැඩ­ස­ට­හන සහ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘ­තිය යටතේ 2012 වස­රේදී මෙම පාසල කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ප්‍රාථ­මික විද්‍යා­ලය යන නමින් හැඳි­න්වී­මට පිය­වර ගනු ලැබූ අතර නව තීර­ණ­යත් සමඟ මින් ඉදි­රි­යට මෙම පාසල කුණ්ඩ­සාලේ රාජ­කීය ප්‍රාථ­මික විද්‍යා­ලය ලෙසින් හඳු­න්වනු ඇත.