අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල පරාස ඉදිරිපත් කෙරේ. - අඩු වූ මිල ගණන් මෙන්න.

Government Of Sri Lanka Ministry of Consumer Affairs Authority
By Wayomi Apr 09, 2024 11:55 AM GMT
Wayomi

Wayomi

Report

අත්‍යවශ්‍ය භාණ්ඩ නවයක මිල පරාස ඉදිරිපත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කළා.

ඒ,උත්සව සමයේ ජනතාවට වඩාත් පහසුදායි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ අරමුණින්.

🟢ඒ අනුව තිරිගු පිටි කිලෝවක් රුපියල් 189 ත් 208 ත් අතර ද,

🟢පරිප්පු කිලෝවක් රුපියල් 312 ත් 327 ත් අතර ද,

🟢ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 174 ත් 214 ත් අතර ද,

🟢චීන ලොකු ළූණු කිලෝවක් රුපියල් 298 ත් 328 ත් අතර ද,

🟢සෙසු ලොකු ළූණු කිලෝවක් රුපියල් 349 ත් 384 ත් අතර ද,

🟢ආනයනික රතු ළූණු කිලෝවක් රුපියල් 295 ත් 324 ත් අතර ද,

🟢රෝස ළූණු කිලෝවක් රුපියල් 333 ත් 366 ත් අතර ද,

🟢වියළි හාල්මැස්සන් (තායිලන්ත) කිලෝවක් රුපියල් 869 ත් 955 ත් අතර ද,

🟢වියළි මිරිස් කිලෝවක රුපියල් 818 ත් 859 ත් අතර ද, මිල පරාසයක පවතින බව ද එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළා.


.................................................................

May you Like