තැපැල් කාර්යාල අර්බුදයක.

Sri Lanka Sri Lanka Government
By Hashini Oct 11, 2023 08:18 AM GMT
Hashini

Hashini

Report

 ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ තැපැල් කාර්යාල හරහා සපයන මහජන සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බවයි.

එහි කැඳවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර පැවසුවේ මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ රජය සහ තැපැල් පරිපාලනය ගනු ලබන තීන්දු තීරණ මෙන්ම පවතින ගැටලුවලට නිසි විසඳුම් ලබානොදීම බවයි.

"තැපැල් දෙපාර්තමේන්තුව සඳහා අවුරුදු 10කට ආසන්න ප්‍රමාණයකින් බඳවා ගැනීම් සිදුකරලා නෑ. 5,000කට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක් ඉන්න ඕනේ හැබැයි 2‍,000කට ආසන්න ප්‍රමාණයක් පුරප්පාඩු විදියට පවත්වාගෙන යන්නේ.

ඒ තුළ මහජන සේවා ලබාදීම විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මහජනතාවට පිංපඩි, විශ්‍රාම වැටුප්, රජයේ විවිධ ගෙවීම් සිදුකරනවා. මේ ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය මුදල් ගැන ලොකු ප්‍රශ්නයක් මේ මාසයේ ඇතිවෙලා තියෙනවා.

භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් නිසිවේලාවට ලබානොදීම සහ මුදල් කළමනාකරණය ගැන තිබුණු ක්‍රමවේදය වෙනස් කරලා තියෙනවා. ක්‍ෂේත්‍ර නිලධාරීන්ගේ බඳවා ගැනීම් නතර කරලා තියෙනවා. ඒ තුළින් දෛනිකව ලිපිබෙදා දීමේ ගැටලුවක් ක්‍රමයෙන් උද්ගත වෙමින් තියෙනවා."

 

ReeCha