කැඳ කඩය සහ රාගම රෝහල....
රාගම ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ පිහිටි කාමරයක් වෙළෙඳසලක් සඳහා කුලියට දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.
රෝහලේ පරිශ්‍රයේ පිහිටි කාමරයක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ රාගම ශාඛාව විසින් බාහිර පාර්ශ්වයකට කුලියට දී මුදල් උපයා ඇති බවට ලද පැමිණිල්ලක් මත කොමිසම් මෙසේ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන බව සඳහන්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රාගම ශාඛාව,ගිවිසුමක් මත ඔසුපැන් වෙළෙඳසලක් මෙසේ අදාළ පරිශ්‍රයට ලබා දී ඇති බවට පැමිණිල්ල ලැබී ඇතැයි පැවසනෙවා.
ජල හා විදුලි බිල්පත් රෝහල මගින් නෙවීමේ එකඟතාව මත රුපියල් විසි දහසක මාසික කුලියකට අදාළ පරිශ්‍රය ලබා දී ඇතැයි සඳහන් වනවා.
මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගෙන් කොමිසම මගින් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි.
රජයේ දේපළක් වාණිජ අරමුණක් වෙනුවෙන් අවභාවිත වී ඇති දැයි මෙහිදී සොයා බලන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.
මෙම සිදුවීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයාගෙන් හා තවත් සාමාජිකයෙකුගෙන් විමසා තිබු නමුත් එවැනි සිදුවීමක් ගැන මෙතෙක් තොරතුරක් වාර්තා වී නැතැයි ඔවුන් පවසා තිබුණා.
