මල්ලිගේ ආරවුලට අයියා ජිවිතෙන් වන්දි ගෙවයි..

By Piyumika Aug 10, 2024 02:29 AM GMT
Report

තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේදී මැර පිරිසකගේ ප්‍රහාරයට ලක්ව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය වාර්තා කලේය .

බහලුම් ප්‍රවාහන නෞකාවක විශාල පිපිරුමක්..(VIDEO)

බහලුම් ප්‍රවාහන නෞකාවක විශාල පිපිරුමක්..(VIDEO)

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් රියැදුරු. (77064) ලියන ආරච්චිගේ සමන් කුමාර නමැති නිළධාරියාය.

ඔහු පෙරේදා (8) රාජකාරි නිමාවී නිවසේ සිටියදී ඔහුගේ සොහොයුරකු සමග ආරවුලක් ඇති කරගත් පිරිසකගෙන් ඒ ගැන විමසීමට ගිය විට මෙම මැර ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය පැවසීය .

පොලිසියෙන් බව පවසා ගුරුවරියක්ව කොල්ලකාලා..බේරාගන්න ගිය සිසුන් පහකටත් පහරදීලා..

පොලිසියෙන් බව පවසා ගුරුවරියක්ව කොල්ලකාලා..බේරාගන්න ගිය සිසුන් පහකටත් පහරදීලා..

අතින් පයින් සහ පොලුවලින් පහරදීමෙන් තුවාල ලැබූ සොහොයුරන් දෙදෙනා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර හිසේ වූ බරපතල තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පොලිස් කොස්තාපල්වරයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ .

පොලිස් නිළධාරියාට පොල්ලකින් හිසට පහරදුන් සැකකරු ඔහුගේ නිවසට ආසන්න නිවසක පදිංචි ‌කරුවකු බව පොලිසිය පැවසීය .