ඇදහිය නොහැකි ගානකට හිතුවෙවත් නැති විදිහට අලෙවි වුණ ලස්සනම ලස්සන මල් වට්ටිය. (PHOTO)
Sri Lanka
By krishani
(15) වෙනි දා මල් වට්ටි වෙන්දේසියක දී ඉතාමත් අලංකාරව නිර්මාණය කරන ලද චෛත්‍යයක අනුරුව සහිත මල් වට්ටියක් ඉහළ මිලකට විකිණී තිබෙනවා.
ඒ රුපියල් 84000 ක ඉහළ මුදලකට යි.
මෙම වෙන්දේසිය සිදුකර ඇත්තේ වැලිගම බටවල පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ ය.
ඒ එහි වැඩ විසූ අපවත් වී වදාළ කටුකුරුන්දේ රතනපාල නාහිමියන්ගේ විසිපස් වන (25 ) ගුණානුස්මරණ පිංකමට සමගාමීවයි.
එහිදී දහම් පාසල් බැති ගී ප්‍රසංග, වේදිකා නාට්‍ය, ධර්ම දේශනා, බෝධි පූජා, සහ මල් වට්ටි වෙන්දේසි සහ සර්ව රාත්‍රික පිරිත් දේශනා පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව පහත රට විවිධ මල් වර්ග උපයෝගී කරගනිමින් චෛත්‍යයක අනුරුව සහිත නිර්මාණය කරන ලද මල් වට්ටියක් රුපියල් 84,000 ක මුදලකට අලෙවි වී ඇත.
කෙසේ වෙතත්, එය ප්‍රදේශයේ තරුණයකු විසින් මිලට ගැනීමට කටයුතු කර තිබෙනවා.
