දෙවියනේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල
ජපානයේ ඇති වූ භූකම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම භූකම්පනය, උතුරු ජපානයේ අමෝරි නගරයට නැගෙනහිරින් සහ හොක්කයිඩෝ දූපතට දකුණින් රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයෙන් සිදු වී තිබේ.
භූකම්පනයෙන් පසු, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. හොක්කයිඩෝ ප්‍රාන්තයේ උරකාවා නගරයට සහ මුට්සු ඔගවාරා හි අමෝරි ප්‍රාන්ත වරායන් වෙත සෙන්ටිමීටර 40ක පමණ උසින් යුත් සුනාමි රළ පැමිණ ඇති බව වාර්තා වේ.
ජපාන අගමැතිනි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, සිදුව ඇති හානිය තක්සේරු කිරීම සඳහා රජය හදිසි කාර්ය සාධක බළකායක් පිහිටුවා ඇති බවය.
ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, ජනතාවගේ ජීවිතවලට මුල් තැන දෙමින් ගත හැකි සියලුම පියවර රජය ගන්නා බවය. මෙම අතර, භූකම්පනයෙන් කලාපයේ න්‍යෂ්ටික බලාගාරවලට යම් බලපෑමක් සිදුව ඇති දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණ සිදු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.