ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ ඉල්ලීමක් - කීයටවත් මෙහෙම කරන්න එපා

Report

පොලිසිය සඳහන් කරන පරිදි පසුගිය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල විදුලි සංදේශ රැහැන් කපා හෝ හානි වීමේ සිද්ධි වාර්තා වේ.

ඒඅනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, මෙම තත්ත්වය හේතුවෙන් සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමේ කාර්යයට දැඩි බලපෑමක් ඇති කර ඇති බවයි.

එමෙන්ම, අදාළ සන්නිවේදන රැහැන්වලට හානි කිරීම, කපා ඉවත් කිරීම, පද්ධතිවලට විනාශ කිරීම හෝ ළඟ තබා ගැනීමෙන් වළකින්නැයි පොලීසිය ජනතාවට අවධාරණය කරයි. එවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයන්ට කඩිනම් නීතිමය දඬුවම් ලබා දෙන බවද පවසයි.

මෙවැනි සිද්ධිවල තොරතුරු වාර්තා කිරීමේදී, ළඟම පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

එමෙන්ම යම් ආපදාවලට ලක්වු මාර්ගයක් නැවත සකස් කරන අවස්ථාවකදී මෙවැනි භූගත විදුලි සංදේශ රැහැන් නිරීක්ෂණය වන්නේ නම් අදාළ ආයතන වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙස ද පොලීසිය පවසයි.