නවසීලන්තය ශ්‍රම හිඟයට නව වීසා දෙකක් හඳුන්වා දෙයි

Report

නවසීලන්තයේ ශ්‍රම බලකායේ හිඟය පිරිමැසීම සඳහා නව වැඩ බලපත්‍ර (Work Visa) දෙකක් හඳුන්වා දී ඇති බව නවසීලන්ත රජය ප්‍රකාශ කරයි.

කෘෂිකර්ම, වනාන්තර සහ සංචාරක ක්ෂේත්‍රවලට වලංගු වන ග්ලෝබල් වර්ක්ෆෝස් සීසනල් වීසා (Global Workforce Seasonal Visa) සහ කෙටි කාලීන කෘෂිකාර්මික සේවකයින් සඳහා පීක් සීසනල් වීසා (Peak Seasonal Visa) ලබන දෙසැම්බර් මාසයේ සිට අයදුම්කිරීම සඳහා විවෘත වන බව සඳහන් වේ.

වාහනයක් ගන්න ඉන්නවද? හීනයක් තමයි ලෝක බැංකුවම කියයි

වාහනයක් ගන්න ඉන්නවද? හීනයක් තමයි ලෝක බැංකුවම කියයි

ග්ලෝබල් වර්ක්ෆෝස් සීසනල් වීසා හිමිකරුවන්ට වසර තුනක කාලයක් තුළ ඔවුන් කැමති පමණ වාර ගණනක් නවසීලන්තයට ඇතුළුවීමට අවස්ථාව හිමිවන අතර, එහෙත් සෑම මාස 12කට වරක් අවම වශයෙන් මාස තුනක කාලයක් විදේශයක ගත කිරීම අනිවාර්ය වේ.

පීක් සීසනල් වීසා හිමිකරුවන්ට මාස 7ක් දක්වා නවසීලන්තයේ රැඳී සිටීමට අවසර හිමි වන අතර, මෙම වීසා අලුත් කිරීමට පෙර අවම වශයෙන් මාස 4ක කාලයක් නවසීලන්තයෙන් පිටව සිටිය යුතුය.

විභාග දෙපාර්තමේන්තුවෙන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ විශේෂ ප්‍රකාශයක්

විභාග දෙපාර්තමේන්තුවෙන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ විශේෂ ප්‍රකාශයක්

මෙම නව වීසා දෙක ලබන දෙසැම්බර් 8 වැනිදා සිට අයදුම්කිරීම සඳහා විවෘත වන අතර, ඒවා පසුගිය වසරේ හඳුන්වා දුන් ස්පෙසිෆික් පර්පස් වර්ක් වීසා (Specific Purpose Work Visa) වෙනුවට ක්‍රියාත්මක වන බව නවසීලන්ත රජය නිවේදනය කර ඇත.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන මෘදුකාංගයේ නඩත්තු සහ සේවා වෙනුවෙන් කෝටි 33 1/2ක් අතාර්කිකව වියදමක්

රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන මෘදුකාංගයේ නඩත්තු සහ සේවා වෙනුවෙන් කෝටි 33 1/2ක් අතාර්කිකව වියදමක්