ඉදිරිය තීරණාත්මකයි....දැන් ලැබුන ආරංචිය

Colombo Weather Rain Sinhala news SriLanka News - Gagana
By Akash May 24, 2025 12:16 PM GMT
Akash

Akash

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සදහන් කළේ සක්‍රීයව පවතින නිරිතදිග මෝසම් තත්ත්වය නිසා දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි.

බන්ධනාගාරයේ හදිසි මෙහෙයුමක් ! ඔබත් පරිස්සම් වෙන්න

බන්ධනාගාරයේ හදිසි මෙහෙයුමක් ! ඔබත් පරිස්සම් වෙන්න

කෙසේ වෙතත්,ඒ හේතුවෙන්, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය.

මාලනියගේ නික්ම යාම විජය ඉඟි කරපු හැටි

මාලනියගේ නික්ම යාම විජය ඉඟි කරපු හැටි

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැක. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු- මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.


ReeCha