online ක්‍රමය ඔස්සේ ලොව මිල අධිකම ක්‍රිකට් පිත්ත තෝරා ගැනේ(PHOTOS)

By Sewvandhi Dec 14, 2021 12:22 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ලොව වැඩිම වටිනාකමක් සහිත ක්‍රිකට් පිත්ත ලෙස ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් භාවිත කළ පිත්තක් පත්ව තිබේ. ඒ මාර්ගගත ක්‍රමයට පැවති වෙන්දේසියකදී එය ඩොලර් 245,500කට වෙන්දේසි වීමත් සමඟය.

එය ශ්‍රී ලංකා මුදලින් ගතහොත් රුපියල් කෝටි 5කට ආසන්න මුදලකි. මෙම ක්‍රිකට් පිත්ත වර්ෂ 1934දී අළු බඳුන ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු භාවිත කර තිබේ.

මෙම ක්‍රිකට් පිත්තේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි පසුපස ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් සටහනක් තබා තිබීමය.

එහි සඳහන් වන්නේ හෙඩිංලි හිදී ලබාගත් ලකුණු 304 සහ ඕවල් ක්‍රීඩාංගණයේදී රැස්කළ ලකුණු 244 පිලිබඳවය. මෙය ඔහු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් ව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery
ReeCha